2014 Bachelor of Arts (General) External Degree in Humanities and Social Sciences Part III – Application for the Seminar Series (New Syllabus) – 2017/2018

2014 ශාස්ත්‍රවේදී මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා (සාමාන්‍ය) බාහිර උපාධි III කොටස සම්මන්ත්‍රණ මාලාව (නව නිර්දේශය) – 2017/2018


සම්මන්ත්‍රණ සඳහා අයදුම් කිරිම

2014 ශාස්ත‍්‍රවේදී මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා (සාමාන්‍ය) බාහිර උපාධි III පරීක්ෂණයට (නව නිර්දේශය) පෙනී සිටීමට නියමිත සිසුන් සඳහා සම්මන්ත‍්‍රණ මාලාවන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. අදාළ සම්මන්ත‍්‍රණ අයදුම්පත් මෙම සබැඳිය හරහා ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය යෙදීමෙන් බාගත කර ගත හැක.

එසේ ලබා ගන්නා අයදුම්පත් නියමිත ගාස්තු ගෙවීමෙන් අනතුරුව, අයදුම්පත් භාර ගන්නා අවසන් දිනට ප්‍රථම,

සහකාර ලේඛකාධිකාරි,
බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය,
තැපැල් පෙට්ටිය අංක 10,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,
ගංගොඩවිල,
නුගේගොඩ.

යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත් බහා එවන කවරයේ ඉහළ වම් කෙළවරේ ” 2014 ශාස්ත‍්‍රවේදී මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා (සාමාන්‍ය) බාහිර උපාධි III සම්මන්ත්‍රණ ” ලෙස සඳහන් කළ යුතුය

සම්මන්ත්‍රණය සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය

2014 ශාස්ත‍්‍රවේදී මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා (සාමාන්‍ය ) බාහිර උපාධි III සම්මන්ත්‍රණ සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය  2017 නොවැම්බර් 14

සම්මන්ත්‍රණ ගාස්තු ගෙවීම

සම්මන්ත්‍රණ ගාස්තු ගෙවීම් කිරීම සඳහා ගෙවීම් කළ යුතු ගිණුම් අංක ඉහත සබැඳිය හරහා ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය යෙදීමෙන් ලබා ගත හැක. සම්මන්ත්‍රණය සඳහා එක් එක්  අයදුම්කරුවන් සඳහා වෙන් වෙන් ගිණුම් අංක ඇති බැවින් අදාළ ගිණුම් අංකයටම ගෙවීම් කළ යුතුය (එහි ජායා  පිටපතක් ළඟ තබා ගන්න)

සම්මන්ත්‍රණ ගාස්තුව රු.20,000.00 කි.

නියමිත පරිදි මුදල් නොගෙවන ලද හෝ අසම්පූර්ණ අයදුම්පත් දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

සැලකිය යුතුයි

ගෙවීම් කිරීමේදි ඔබට අදාළ ගිණුම් අංකයටම ගෙවීම් කළ යුතු අතර වෙනත් ගිණුම් අංකවලට ගෙවන ලද මුදල් පිළිබඳව විශ්වවිද්‍යාලය වග කියනු නොලැබේ.

Join Us on Social Media