2014 Bachelor of Arts (General) External Degree Part 1 & 2 Repeat Seminar Application

ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි 1 සහ 2 කොටස පුනර් පරීක්ෂණ සඳහා පෙනී සිටින පුනර් අපේක්ෂකයින් සඳහා විෂය ප්‍රතිපෝෂක සම්මන්ත්‍රණ පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් පවතී. (කොන්දේසි අදාළ වේ)

ඔබ සම්මන්ත්‍රණ සඳහා සහභාගී වීමට අපේක්ෂා කරන්නේ නම් පහතින් ඇති අදාළ අයදුම්පත සම්පුර්ණ කර 2018 – 10 – 26 දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් සහකාර ලේඛකාධිකාරී, බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයට එවිය යුතුය.

ප්‍රමාණවත් ශිෂ්‍ය සංඛ්‍යාවක් අයදුම් කරන විෂය ඒකක සඳහා පමණක් සම්මන්ත්‍රණ සංවිධානය කරන අතර, ශිෂ්‍ය සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන විෂය ඒකකයන් සඳහා ගෙවනු ලබන මුදල්  නැවත ගෙවීමට කටයුතු කරනු ලැබේ.

ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි 1 සහ 2 කොටස පැරණි නිර්දේශය සඳහා පැවැත්වෙන අවසන් විෂය ප්‍රතිපෝෂක සම්මන්ත්‍රණ මාලාව මෙය වන අතර මින් පසු ඒ සඳහා සම්මන්ත්‍රණ නොපැවැත්වෙන බව කරුණාවෙන් සළකන්න

Join Us on Social Media