2014 Bachelor of Commerce (General) External Degree Part III Repeat (New Syllabus) Exam Application

පරීක්ෂණ සඳහා අයදුම් කිරීම

වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි III (පුනර්) පරීක්ෂණ (නව නිර්දේශය) අයදුම්පත්‍රය හා මුදල් ගෙවිය යුතු ගිණුම් අංකය පහත සබැඳිය හරහා ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් බාගත කරගත හැක.

පරීක්ෂණ ගාස්තු

පුනර් විභාග ගාස්තු එක් විෂයයක් සඳහා රු.2000.00
විෂයයන් 2ක් සඳහා රු 4000.00
විෂයයන් 3ක් හෝ වැඩි ගණනක් සඳහා රු.6000.00

සහතික කරන ලද අයදුම්පත්‍රය මුදල් ගෙවූ වවුචර්පත සමග, 2018 මැයි මස 30 වන දිනට හෝ ඊට ප්‍රථම, ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී, බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත් බහා එවනු ලබන කවරයේ ඉහළ වම් කෙළවරේ පරීක්ෂණයේ නම සඳහන් කළ යුතුය.

ගෙවීම් කිරීමේදී වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි III පරීක්ෂණයට අදාලව ඔබට වෙන් වූ වෙනම ගිණුම් අංකයක් පවතින බැවින් වෙනත් අයගේ ගිණුම් අංකවලට හෝ වැරදි ගිණුම් අංකවලට ගෙවන ලද මුදල් පිළිබඳ විශ්වවිද්‍යාලය වගකියනු නොලැබේ.

විභාග ප්‍රවේශපත්‍ර තැපැල් මගින් එවන අතර සියලුම විස්තර මෙම අඩවියෙහි යාවත්කාලීන කරනු ඇත.

Join Us on Social Media