2014 Bachelor of Science Business Administration (General) External Degree III (New Syllabus) Exam Application

2014 විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි III (නව නිර්දේශය)  පරීක්ෂණයට අදාළ අයැදුම්පත් පහත සබැඳිය හරහා බාගත කර ගත හැකි අතර එසේ ලබා ගන්නා අයැදුම්පත් නියමිත ගාස්තු ගෙවීමෙන් අනතුරුව 2018 ජූනි 29 දිනට ප්‍රථම, ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී, බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය, තැ:පෙ අංක 10, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත් බහා එවනු ලබන කවරයේ ඉහළ වම් කෙළවරේ පරීක්ෂණයේ නම සඳහන් කළ යුතුය.

2014 විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි III (නව නිර්දේශය) පරීක්ෂණ ගාස්තු රු. 7000.00 වන අතර අදාළ ගාස්තු ගෙවිය යුතු ගිණුම් අංක ද පහත සබැඳිය හරහා ලබා ගත හැක.

පරීක්ෂණ ගාස්තු ගෙවීම සඳහා එක් අයදුම්කවෙකු වෙනුවෙන් සුවිශේෂී ගිණුම් අංකයක් බැගින් ඇති අතර අදාළ ගිණුම් අංකයට පමණක් ගෙවීම් කල යුතුය. (ඡායා පිටපතක් ළඟ තබා ගන්න) වෙනත් ගිණුම් අංක වලට ගෙවන ලද මුදල් පිලිබඳව විශ්වවිද්‍යාලය වග කියනු නොලැබේ.

නියමිත පරිදි මුදල් නොගෙවන ලද, අසම්පූර්ණ අයදුම්පත් දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

Join Us on Social Media