2014 Bachelor of Science Business Administration (General) External Degree Part II Repeat (New Syllabus) Exam Application

2014 විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි II පුනර් පරීක්ෂණය (නව නිර්දේශය පුනර්) සඳහා අයදුම්පත් කැඳවීම - 2017

පරීක්ෂණය සඳහා අයදුම්කිරීම

2014 විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි II පුනර් පරීක්ෂණය (නව නිර්දේශය) සඳහා අයදුම්පත් පහත සබැඳිය හරහා ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය යෙදිමෙන් බාගත කර ගත හැකිය. එසේ ලබා ගන්නා අයදුම්පත් නියමිත ගිණුම් අංකයට අදාල ගාස්තු ගෙවීමෙන් අනතුරුව, අයදුම්පත් භාර ගන්නා අවසන් දිනට ප්‍රථම, ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී, බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය, තැපැල් පෙට්ටිය අංක 10, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත් බහා එවනු ලබන කවරයේ ඉහල වම් කෙලවරේ පරීක්ෂණයේ නම සඳහන් කල යුතුය.

පරීක්ෂණ අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය

2014 විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි II පුනර් පරීක්ෂණය (නව නිර්දේශය) සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2018 ජනවාරි 30.

පරීක්ෂණ ගාස්තු ගෙවීම.

පරීක්ෂණ ගාස්තු ගෙවිය යුතු ඔබට සුවිශේෂී ගිණුම් අංක පහත සබැඳිය ඔස්සේම ලබා ගත හැකිය. පරීක්ෂණ ගාස්තු ගෙවීම සඳහා එක් අයදුම්කරුවෙකු වෙනුවෙන් සුවිශේෂී ගිණුම් අංකයක් බැගින් ඇති අතර අදාළ ගිණුම් අංකයටම පමණක් ගෙවීම් කල යුතුය. (එහි පිටපතක් ලඟ තබා ගන්න.)

 

නියමිත පරීක්ෂණ ගාස්තු

 

            එක් විෂයයක් සඳහා                                රු.2000.00

            විෂයයන් 2ක් සඳහා                                  රු.4000.00

            විෂයයන් 3ක් හෝ ඊට වැඩි                    රු.6000.00

නියමිත පරිදි මුදල් නොගෙවන ලද හෝ අසම්පූර්ණ අයදුම්පත් කිසිඳු දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

සැලකිය යුතුයි,

ගෙවීම් කිරීමේදී පරීක්ෂණ ගාස්තු සඳහාම වෙන් වූ පහතින් බාගත කර ගන්නා ලද පෝරමයෙහි සඳහන් ඔබට අදාළ ගිණුම් අංකයටම ගෙවීම් කල යුතුය. වෙනත් ගිණුම් අංක වලට ගෙවන ලද මුදල් පිළිබඳව විශ්වවිද්‍යාලය වගකියනු නොලැබේ.

Join Us on Social Media