2015 Bachelor of Commerce (General) External Degree Part 3 (New Syllabus) Exam Application

වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි III (නව නිර්දේශය) පරීක්ෂණ සඳහා අයදුම්පත්‍රය හා මුදල් ගෙවිය යුතු ගිණුම් අංක පහතින් ඇති සබැඳිය හරහා ලබා ගත හැක.

පරීක්ෂණ ගාස්තු සියලුම විෂයයන් සඳහා – රු. 6,000.00

සහතික කරන ලද අයදුම්පත්‍රය මුදල් ගෙවූ වවුචර්පත සමග 2018 නොවැම්බර් 15 දින හෝ ඊට ප්‍රථම, ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී, බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය, තැ:පෙ අංක 10, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන්එවිය යුතුය. අයදුම්පත් බහා එවන කවරයේ ඉහළ වම් කෙළවරේ උපාධි පාඨමාලාවේ නම සඳහන් කළ යුතුය.

ගෙවීම් කිරීමේදී වාණිජවේදී (සාමන්‍ය) බාහිර උපාධි III පරීක්ෂණයට අදාලව ඔබට වෙන් වූ වෙනම ගිණුම් අංකයක් පවතින බැවින් වෙනත් ගිණුම් අංකවලට හෝ වැරදි ගිණුම් අංකවලට ගෙවන ලද මුදල් පිළිබඳව විශ්වවිද්‍යාලය වගකියනු නොලැබේ.

විභාග ප්‍රවේශ පත්‍ර තැපැල් මගින් එවන අතර සියලුම විස්තර මෙම වෙබ් අඩවියෙහි යාවත්කාලීන කරනු ඇත.

Join Us on Social Media