2015 Bachelor of Social Science (General) External Degree in Environmental and Development Studies Part II Examination

පරීක්ෂණය සඳහා අයදුම් කිරීම

2015 සමාජීය විද්‍යාවේදී පාරිසරික හා සංවර්ධන අධ්‍යයන (සාමාන්‍ය) බාහිර උපාධි II පරීක්ෂණය සඳහා අදාළ පරීක්ෂණ අයදුම්පත් සහ ගෙවීම් කළ යුතු ගිණුම් අංක පහත සබැඳිය හරහා ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය යෙදීමෙන් බාගත (Download) කර ගත හැක.

එසේ ලබා ගන්නා අයදුම්පත් නියමිත ගාස්තු ගෙවීමෙන් අනතුරුව, 2018 ජූනි 01 දින හෝ ඊට ප්‍රථම, ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී, බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය, තැපැල් පෙටිටිය අංක 10, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත් බහා එවන කවරයේ ඉහළ වම් කෙළවරේ “2015 සමාජීය විද්‍යාවේදී පාරිසරික හා සංවර්ධන අධ්‍යයන  සාමාන්‍ය) බාහිර උපාධි II පරීක්ෂණය” ලෙස සඳහන් කළ යුතුය.

පරීක්ෂණ ගාස්තු

සියළුම විෂයන් සඳහා පරීක්ෂණ ගාස්තුව : රු. 8000.00

සැලකිය යුතුයි.

  • ගෙවීම් කිරීමේදී ඔබට අදාළ ගිණුම් අංකයටම ගෙවීම් කළ යුතු අතර වෙනත් ගිණුම් අංකවලට ගෙවන ලද මුදල් පිළිබඳව විශ්වවිද්‍යාලය වග කියනු නොලැබේ.
  • පරීක්ෂණය සඳහා ප්‍රවේශපත් තැපැල් මාර්ගයෙන් එවනු ලබන අතර පරීක්ෂණ කාලසටහන ඉදිරියේදී මෙම වෙබි අඩවියෙහි යාවත්කාලීන කරනු ඇත.

Join Us on Social Media