2017 Bachelor of Commerce (General) External Degree Course Fee Third Installment

2017 වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - පාඨමාලා ගාස්තු තෙවන වාරිකය

2017 වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි වී ඇති සිසුන් විසින් පාඨමාලා ගාස්තු තෙවන වාරිකය සඳහා ගෙවීම් කළ යුතුව ඇත. ඒ අනුව රු.20,000.00 වන තෙවන වාරිකය ඔබට අදාල ගිණුම් අංකයට මහජන බැංකුවේ ඕනෑම ශාඛාවකට ගෙවීම් කර මුදල් ගෙවීමේ පෝරමය හා රිසිට්පත 2018 මැයි 18 දිනට හෝ ඊට ප්‍රථම සහකාර ලේඛකාධිකාරී, බාහිර උපාධි හා විස්තාරිත උපාධි පාඨමාලා ඒකකය, තැ:පෙ අංක 10, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත් බහා එවන කවරයේ ඉහළ වම් කෙළවරේ උපාධි පාඨමාලාවේ නම සඳහන් කළ යුතුය.

පාඨමාලා ගාස්තු තෙවන වාරිකය සඳහා මුදල් ගෙවීමේ පෝරමය හා වවුචර්පත බාගත (Download) කර ගැනීමට පහත බටනය ක්ලික් කරන්න.

Join Us on Social Media