2017 Bachelor of Commerce (General) External Degree Part I Exam Application

පරීක්ෂණ සඳහා අයදුම් කිරීම

වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි I පරීක්ෂණ (නව නිර්දේශය) සඳහා අයදුම්පත්‍රය හා මුදල් ගෙවිය යුතු ගිණුම් අංකය පහත සබැඳිය ඔස්සේ බාගත (Download) කරගත හැක.

පරීක්ෂණ ගාස්තු

සියලුම විෂයයන් සඳහා – රු 8500.00

සහතික කරන ලද අයදුම්පත්‍රය මුදල් ගෙවූ වවුචර්පත සමග, 2018 ජුනි 29 දින හෝ ඊට ප්‍රථම, ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී, බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය, තැ :පෙ අංක 10, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත් බහා එවනු ලබන කවරයේ ඉහළ  වම්  කෙලවරේ පරීක්ෂණයේ නම සඳහන් කළ  යුතුය.

ගෙවීම් කිරීමේදී වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි I පරීක්ෂණයට අදාලව ඔබට වෙන් වූ වෙනම ගිණුම් අංකයක් පවතින බැවින් වෙනත් ගිණුම් අංක වලට හෝ වැරදි ගිණුම් අංක වලට ගෙවන ලද මුදල් පිළිබඳ විශ්වවිද්‍යාලය වග කියනු නොලැබේ.

විභාග ප්‍රවේශපත්‍ර තැපැල් මගින් එවන අතර සියලුම විස්තර මෙම වෙබ් අඩවියෙහි යාවත්කාලීන කරනු ඇත.

Join Us on Social Media