2017 Bachelor of Commerce (General) External Degree Programme – Course Fee, Second Installment

2017 වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව – පාඨමාලා ගාස්තු දෙවන වාරිකය

උක්ත උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි වී ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාඨමාලා ගාස්තු දෙවන වාරිකය ගෙවීම් කළ යුතුව ඇත. ඒ අනුව රු. 20,000/- ක් වන දෙවන වාරිකය ඔබට අදාළ ගිණුම් අංකයට මහජන බැංකුවේ ඕනෑම ශාඛාවකට ගෙවීම් කර මුදල් ගෙවීමේ පෝරමය හා රිසිට් පත 2017 දෙසැම්බර් 31 වන දින හෝ ඊට ප්‍රථම සහකාර ලේඛකාධිකාරී, බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය, තැපැල් පෙට්ටිය අංක 10, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත් බහා එවන  කවරයේ ඉහල වම් කෙළවරේ උපාධි පාඨමාලාවේ නම සඳහන් කළ යුතුය.

පාඨමාලා ගාස්තු දෙවන වාරිකය සඳහා මුදල් ගෙවීම් පෝරමය හා වවුචර්පත පහත සබැඳිය හරහා ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය V අක්ෂරය රහිතව ඇතුලත් කිරීමෙන් බාගත කළ හැක.

Join Us on Social Media