2017 Bachelor of Science Management (Public) General (External) Degree Course Fee Second Installment

විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි වී ඇති සිසුන් රු. 15,000.00 ක් වන දෙවන පාඨමාලා වාරිකය ඔබට අදාළ ගිණුම් අංකයට මහජන බැංකුවේ ඕනෑම ශාඛාවකට ගෙවීම් කර මුදල් ගෙවීමේ පෝරමය හා රිසිට්පත 2018 මාර්තු 15 දිනට හෝ ඊට ප්‍රථම සහකාර ලේඛකාධිකාරී, බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය. තැ:පෙ 10, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත් බහා එවන කවරයේ ඉහළ වම් කෙළවරේ උපාධි පාඨමාලාවේ නම සඳහන් කළ යුතුය.

පාඨමාලා ගාස්තු දෙවන වාරිකය සඳහා වන මුදල් ගෙවීමේ පෝරමය සහ වවුචර්පත පහතින් ඇති සබැඳිය හරහා ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුලත් කිරීමෙන් බාගත (Download) කර ගත හැක.

 

පාඨමාලා ගාස්තු දෙවන වාරික ගෙවීම් කාල සීමාව 2018 මැයි 25 දින දක්වා දීර්ඝ කර ඇත. 

Join Us on Social Media