2014 Bachelor of Humanities and Social Sciences (General) External Degree Part II Repeat Exam Application

ශාස්ත්‍රවේදී මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා සාමාන්‍ය ( බාහිර) උපාධි II පරීක්ෂණය (නව නිර්දේශය) පුනර් අපේක්ෂකයින් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ අයදුම්පත් සහ මුදල් ගෙවිය යුතු ගිණුම් අංක පහතින් ලබා ගත හැක.

විභාග ගාස්තු

සියලුම විෂයන් සඳහා රු. 6,000.00
එක් විෂයක් සඳහා රු. 2,000.00
විෂයන් දෙකක් සඳහා රු. 4,000.00
විෂයන් තුනක් හෝ වැඩි ගණනක් සඳහා රු. 6,000.00

සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍රය මුදල් ගෙවන ලද රිසිට්පතද සමග 2018 – 12 – 19 දින හෝ ඊට ප්‍රථම ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී, බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල නුගේගොඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. ලිපි බහාලන කවරයේ ඉහළ වම් කෙලවරේ ශාස්ත්‍රවේදී මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා සාමාන්‍ය ( බාහිර) උපාධි II පරීක්ෂණය (නව නිර්දේශය) පුනර් පරීක්ෂණය යන්න සඳහන් කළ යුතුය.

ගෙවීම් කිරීමේදී ශාස්ත්‍රවේදී මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා සාමාන්‍ය ( බාහිර) උපාධි II පරීක්ෂණය (නව නිර්දේශය) පුනර් පරීක්ෂණයට අදාලව එක් එක් අපේක්ෂකයාට වෙන් වූ වෙනමම ගිණුම් අංකයක් පවතින බැවින් වෙනත් ගිණුම් අංක වලට හෝ වැරදි ගිණුම් අංක වලට ගෙවන ලද මුදල් පිළිබඳව විශ්වවිද්‍යාලය වග කියනු නොලැබේ.

විභාග ප්‍රවේශපත්‍ර තැපැල් මගින් එවනු ලබන අතර වැඩි විස්තර මෙම වෙබ් අඩවියෙහි යාවත්කාලීන කරනු ඇත.

Join Us on Social Media