Application for 2016 Bachelor of Science Business Administration (General) External Degree Part I Examination (New Syllabus) – 2017

2016 විද්‍යාවේදි ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර  උපාධි I පරික්ෂණය (නව නිර්දේශය) සඳහා අයදුම්පත් කැඳවීම – 2017

 

පරීක්ෂණය සඳහා අයදුම්කිරිම

2016 විද්‍යාවේදි ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි 1  පරීක්ෂණ (නව නිර්දේශය) අයදුම්පත්, පහත සබැඳියට පිවිස ඔබගේ ජාතික හැදුනුම්පත් අංකය යෙදීමෙන් බාගත (Download) කර ගත හැක.

එසේ ලබා ගන්නා අයදුම්පත් නියමිත ගාස්තු ගෙවිමෙන් අනතුරුව,
අයදුම්පත් භාර ගන්නා අවසන් දිනට ප‍්‍රථම,

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරි,
බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය, 
තැපැල් පෙට්ටිය අංක 10,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, 
ගංගොඩවිල,
නුගේගොඩ.

යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුයි. අයදුම්පත් බහා එවනු ලබන කවරයේ ඉහළ වම් කෙළවරේ පරීක්ෂණයේ නම සඳහන් කළ යුතුය.

 

පරීක්ෂණ අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය

2016 විද්‍යාවේදි ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර  උපාධි 1  පරික්ෂණය (නව නිර්දේශය) සඳහා අයදුම්පත් භාර ගැනිමේ අවසන් දිනය – 2017 නොවැම්බර් 27

 

පරීක්ෂණ ගාස්තු ගෙවීම

පරීක්ෂණ ගාස්තු ගෙවිය යුතු ගිණුම් අංකය පහත සබැඳියට පිවිස ඔබගේ ජාතික හැදුනුම්පත් අංකය යෙදීමෙන් ලබා ගත හැක. පරික්ෂණ ගාස්තු ගෙවීම සඳහා අයදුම්කරුවෙකුට සුවිශේෂී ගිණුම් අංකයක් බැගින් ඇති අතර තමාට අදාළ ගිණුම් අංකයට පමණක් ගෙවිම් කළ යුතුය. ( එහි ඡායා පිටපතක් ලග තබා ගන්න.)

 

පරීක්ෂණ ගාස්තු

විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි 1 – රු.5000.00

නියමිත පරිදි නියමිත අංකයට මුදල් නොගෙවන ලද, අසම්පුර්ණ අයදුම්පත් දැනුම් දීමකින් තොරව ප‍්‍රතික්ෂේප කරනු ලැබේ.

 

සැලකිය යුතුයි

ගෙවිම් කිරිමේදි පරික්ෂණ ගාස්තු සඳහාම වෙන් වු වෙබ් අඩවියෙන් බාගත කර ගන්නා ලද ඔබට අදාළ ගිණුම් අංකයටම ගෙවිම් කළ යුතුය.
වෙනත් ගිණුම් අංක වලට ගෙවන ලද මුදල් පිලිබඳ විශ්වවිද්‍යාලය වගකියනු නොලැබේ.

Join Us on Social Media