Bachelor Humanities and Social Sciences (General) External Degree Orientation – 2018

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2018 ශාස්ත්‍රවේදී මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාවේ අධ්‍යයන කටයුතු සිදු කෙරෙන අකාරය, විශ්වවිද්‍යාලය මගින් සම්මන්ත්‍රණ හා විභාග පැවැත්වීම, විද්‍යුත් ඉගැනුම් පද්ධතිය හා අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන දුරස්ථ අධ්‍යයන වැඩසටහන සහ අනෙකුත් අවශ්‍යය තොරතුරු සම්බන්ධයෙන් ඔබව දැනුවත් කිරීම සඳහා මානව ශාස්ත්‍ර  හා සමාජීය විද්‍යා පීඨය හා බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය එක්ව නම්නිකරණ වැඩසටහනක් සංවිධානය කර ඇත.

මෙම නම්නිකරණ වැඩසටහන 2018 – 09 – 08 දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය බණ්ඩාරනායක ශාලාවේදී සැසි දෙකකින් යුක්තව පැවැත්වේ. පළමු සැසිය පෙ:ව 9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා ද දෙවන සැසිය ප:ව 1.00 සිට ප:ව 4.00 දක්වා ද පැවැත්වේ. ඒ අනුව පළමු සැසියට අයත් සිසුන් පෙ:ව 8.00 වන විට ද දෙවන සැසියට අයත් සිසුන් එදින මධ්‍යහ්න 12.00 වන විට ද නම්නිකරණ වැඩසටහන සඳහා සහභාගී විය යුතුය.

එදින විස්තරාත්මක විෂය නිර්දේශය, බාහිර උපාධි ශිෂ්‍ය අත්පොත, ශිෂ්‍ය වාර්තා පොත සහ විශ්වවිද්‍යාලයීය විභාග නීති රීති සහ රෙගුලාසි ඇතුලත් ලේඛන ලබා දීමට කටයුතු සම්පාදනය කර ඇත.

ඔබගේ ලියාපදිංචි අංකයට නියමිත කණ්ඩායම පහතින් දක්වා ඇත. (ඔබගේ ලියාපදිංචි අංකය පහතින් දක්වා ඇති සබැඳිය හරහා ජාතික හැඳුනුම්පත් අංකය යෙදීමෙන් ලබා ගත හැක.)

පළමු සැසිය – පෙ:ව 9.00 – මධ්‍යහ්න 12.00

A කණ්ඩායම SJP/EXS/S/201800001   –  SJP/EXS/S/201800122
B කණ්ඩායම SJP/EXS/S/201800123   –  SJP/EXS/S/201800244
C කණ්ඩායම SJP/EXS/S/201800245   –  SJP/EXS/S/201800366
D කණ්ඩායම SJP/EXS/S/201800367   –  SJP/EXS/S/201800488
E කණ්ඩායම SJP/EXS/S/201800489   –  SJP/EXS/S/201800640
F කණ්ඩායම SJP/EXS/S/201800641   –  SJP/EXS/S/201800735

දෙවන සැසිය – ප:ව 1.00 – ප:ව 4.00

A කණ්ඩායම SJP/EXS/S/201800736   –  SJP/EXS/S/201800857
B කණ්ඩායම SJP/EXS/S/201800858   –  SJP/EXS/S/201800979
C කණ්ඩායම SJP/EXS/S/201800980   –  SJP/EXS/S/201801101
D කණ්ඩායම SJP/EXS/S/201801102   –  SJP/EXS/S/201801223
E කණ්ඩායම SJP/EXS/S/201801224   –  SJP/EXS/S/201801345
F කණ්ඩායම SJP/EXS/S/201801346   –  SJP/EXS/S/201801460

 

නම්නිකරණ වැඩසටහනට සහභාගී වන විට විශ්වවිද්‍යාලයෙන් ශිෂ්‍ය ලියාපදිංචිය වෙනුවෙන් ලබා දුන් ලිපිය, ජාතික හැඳුනුම්පත සහ ඔබට ලැබී ඇති කැඳවීමේ ලිපිය රැගෙන පැමිණිය යුතුය.

Join Us on Social Media