Bachelor of Arts (General) External Degree in Humanities and Social Sciences Orientation for Special Intake Students – 2018

ශාස්ත්‍රවේදී මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2017 විශේෂ ප්‍රවේශය යටතේ ලියාපදිංචි කළ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන.

බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය මගින් පවත්වනු ලබන ශාස්ත්‍රවේදී මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාවේ විශේෂ ප්‍රවේශය යටතේ ලියාපදිංචි වූ සිසුන් සඳහා පාඨමාලාවේ අධ්‍යයන කටයුතු සිදු කෙරෙන ආකාරය, විශ්වවිද්‍යාලය මගින් සම්මන්ත්‍රණ හා විභාග පැවැත්වීම, විද්‍යුත් ඉගැනුම් පද්ධතිය සහ අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන දුරස්ථ අධ්‍යයන වැඩසටහන සහ අවශ්‍ය අනෙකුත් තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන 2018.01.12 දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  සුමංගල ගොඩනැගිල්ලෙහි කියවීම් ශාලාවේ දී පෙ.ව 9.00 සිට පෙ.ව 11.30 දක්වා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. ඒ අනුව එදින පෙ.ව 8.00 වන විට දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා සහභාගී වන ලෙස දැනුම් දෙමි. විස්තරාත්මක විෂය නිර්දේශය, බාහිර උපාධි ශිෂ්‍ය අත්පොත, ශිෂ්‍ය වාර්තා පොත සහ විශ්වවිද්‍යාලයීය විභාග නීති රීති හා රෙගුලාසි ඇතුලත් ලේඛන ඔබ වෙත ලබා දීමට කටයුතු සම්පාදනය කර ඇත. ඔබගේ අයදුම්පත් අංකයට නියමිත කණ්ඩායම පහත දක්වා ඇත.

පෙ.ව 9.00 – පෙ.ව 11.30

A කණ්ඩායම              –           53-3532

B කණ්ඩායම               –     3544 – 8808

 

මෙම වැඩසටහනට සහභාගී වන විට විශ්වවිද්‍යාලයෙන් ශිෂ්‍ය ලියාපදිංචිය වෙනුවෙන් ලබා දුන් ලිපිය, ජාතික හැඳුනුම්පත සහ ඔබට ලැබී ඇති කැඳවීමේ ලිපිය රැගෙන නියමිත වෙලාවට පැමිණීම අනිවාර්ය වේ.

Join Us on Social Media