Bachelor of Commerce (General) External Degree 2018 Batch Course Fee 2nd Installment

වාණිජවේදී (සාමන්‍ය) බාහිර උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි වී ඇති සිසුන් විසින් පාඨමාලා ගාස්තු දෙවන වාරිකය සඳහා ගෙවීම් කළ යුතුව ඇත. ඒ අනුව රු. 20,000/- වන දෙවන වාරිකය ඔබට අදාළ ගිණුම් අංකයට මහජන බැංකුවේ ඕනෑම ශාඛාවකට ගෙවීම් කර මුදල් ගෙවීමේ පෝරමය හා රිසිට්පත 2018 නොවැම්බර් 23 දින හෝ ඊට ප්‍රථම සහකාර ලේඛකාධිකාරී, බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය, තැ:පෙ අංක 10, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත් බහා එවන කවරයේ ඉහළ වම් කෙළවරේ උපාධි පාඨමාලාවේ නම සඳහන් කළ යුතුය.

ගෙවීම් කිරීම සඳහා අදාළ මුදල් ගෙවීමේ පෝරමය සහ වවුචර්පත පහතින් ලබා ගත හැක.

Join Us on Social Media