Bachelor of Commerce General (External) Degree – Detail & Degree Certificate Application

වාණිජවේදී සාමාන්‍ය (බාහිර) උපාධි පාඨමාලාවේ උපාධි සහතික සහ ශ්‍රේණි සහතික ලබා ගැනීම සඳහා වන අයදුම්පත් පහතින් බලා ගත හැක. 

මෙම උපාධි සහතික ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු,

උපාධි සහතික ගාස්තු – රු. 1000.00
ශ්‍රේණි සහතික ගාස්තු – රු. 300.00

ලබා ගත් අයදුම්පත් නිසි පැරිසි සම්පුර්ණ කර මුදල් ගෙවන ලද රිසිට්පත්, උප්පැන්න සහතිකයේ සහතික කරන ලද ඡායා පිටපත් අමුණා 2019 සැප්තැම්බර් 25 දින ඊට ප්‍රථම ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී, බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය, තැ : පෙ අංක 10, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. 

 

** උපාධි සහතිකය සහ ශ්‍රේණි සහතිකය සඳහා මුදල් ගෙවීමට එක් එක් අයදුම්කරුවන් වෙනුවෙන් වෙන වෙනම ගිණුම් අංක පවතින බැවින් වෙනත් අයගේ හෝ වැරදි ගිණුම් අංක වලට ගෙවන ලද ගෙවීම් පිලිබඳ විශ්වවිද්‍යාලය වගකියනු නොලැබේ.