Bachelor of Commerce (General) External Degree Part III (New Syllabus) Seminar Series

වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි III කොටස (නව නිර්දේශය) සම්මන්ත්‍රණ මාලාව - 2018

වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි III කොටස (නව නිර්දේශය) සම්මන්ත්‍රණ අයදුම්පත්‍රය පහත සබැඳිය හරහා ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය යෙදිමන් බාගත (Download) කර ගත හැක. එසේ ලබා ගන්නා අයදුම්පත් නියමිත ගාස්තු ගෙවීමෙන් අනතුරුව 2018 මාර්තු 15 දිනට ප්‍රථම, සහකාර ලේඛකාධිකාරී, බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය, තැ:පෙ 10, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත් බහා එවනු ලබන කවරයේ ඉහල වම් කෙළවරේ සම්මන්ත්‍රණයේ නම සඳහන් කල යුතුය.

සම්මන්ත්‍රණ ගාස්තු ගෙවීම් කිරීම සඳහා ගෙවීම් කල යුතු ගිණුම් අංක ද පහත සබැඳිය ඔස්සේම ලබා ගත හැක. සම්මන්ත්‍රණ සඳහා එක් එක් අයදුම්කරුවන් සඳහා වෙන් වෙන් වශයෙන් ගිණුම් අංක ඇති බැවින් අදාළ ගිණුම් අංකයටම ගෙවීම් කළ යුතුය. (පිටපතක් ළඟ තබා ගන්න)

සම්මන්ත්‍රණ ගාස්තු – රු.12,000.00

නියමිත පරිදි මුදල් නොගෙවන ලද හෝ අසම්පූර්ණ අයදුම්පත් දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

සැලකිය යුතුයි.

  • ගෙවීම් කිරීමේදී වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි III සම්මන්ත්‍රණයට අදාලව ඔබට වෙන් වූ වෙනම ගිණුම් අංකයක් පවතින බැවින් වෙනත් ගිණුම් අංක වලට හෝ වැරදි ගිණුම් අංක වලට ගෙවන ලද මුදල් පිළිබඳව විශ්වවිද්‍යාලය වගකියනු නොලැබේ.

Join Us on Social Media