Bachelor of Humanities and Social Sciences (General) External Degree Part I Repeat Exam Application

ශාස්ත්‍රවේදී මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා (සාමාන්‍ය) බාහිර උපාධි I පරීක්ෂණය පුනර් අපේක්ෂකයින් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ අයදුම්පත්‍රය හා මුදල් ගෙවිය යුතු ගිණුම් අංක පහත සබැඳිය හරහා ලබා ගත හැක.

පරීක්ෂණ ගාස්තු 

සියලුම විෂයන් සඳහා රු. 6,000.00

 

පුනර් විභාග ගාස්තු

එක් විෂයක් සඳහා රු. 2,000.00
විෂයන් දෙකක් සඳහා රු.4,000.00
විෂයන් තුනක් හෝ ඊට වැඩි නම් රු. 6,000.00

 

සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍රය මුදල් ගෙවූ වවුචර්පත සමග 2018 දෙසැම්බර් 14 දින හෝ ඊට ප්‍රථම ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී, බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. ලිපි ලේඛන බහාලන කවරයේ ඉහළ  කෙලවරේ පරීක්ෂණයේ නම සඳහන් කළ යුතුය.

ගෙවීම් කිරීමේදී එක් එක්  අපේක්ෂකයාට වෙන් වූ වෙනම ගිණුම් අංකයක් පවතින බැවින් වෙනත් අයගේ ගිණුම් අංක වලට හෝ වැරදි ගිණුම් අංක වලට ගෙවන ලද මුදල් පිළිබඳව විශ්වවිද්‍යාලය වග කියනු නොලැබේ.

විභාග ප්‍රවේශ පත්‍ර තැපැල් මගින් එවන අතර සියලුම විස්තර මෙම වෙබ් අඩවියෙහි යාවත්කාලීන කරනු ඇත.

Join Us on Social Media