Bachelor of Science Management (Public) General (External) Degree Registration 2018

විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි පාඨමාලාව – 2018

2018 – 07 – 22 දින පැවති විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි සඳහා වූ තෝරා ගැනීමේ පරීක්ෂණයෙන් සමත් වූ සිසුන් විසින් එම උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට අවශ්‍යය ගෙවීම් කල  යුතුව ඇත.

මේ සඳහා වන පාඨමාලා ගාස්තුව (වර්ෂ 3 සඳහා) රු. 45,000.00 වන අතර එය වාරික 3ක් ලෙස ගෙවීම් කල හැක. මෙම පාඨමාලාවට ලියාපදිංචි වීම සඳහා ලියාපදිංචි ගාස්තුව රු. 15,000.00 ක් සහ පාඨමාලා ගාස්තු පළමු වාරිකය රු. 15,000.00 ක් 2018 – 08 – 28 දින හෝ ඊට ප්‍රථම මහජන බැංකුවේ ඔබට අදාළ ගිණුම් අංක වලට ගෙවිය යුතුය. මුදල් ගෙවිය යුතු ගිණුම් අංක පහතින් ඔබට ලබා ගත හැක.

විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි සඳහා ලියාපදිංචිය සිදු කරන දින ඉදිරි කාලයේදී මෙම වෙබ් අඩවියෙහි යාවත්කාලීන කරනු ඇත.

ඔබට ලියාපදිංචි විය හැක්කේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එක් බාහිර උපාධි පාඨමාලාවක් සඳහා පමණි.

2018 – 08 – 28 දින හෝ ඊට ප්‍රථම ඔබගෙන් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඔබ ලියාපදිංචි නොවන අපේක්ෂකයෙකු ලෙස සලකනු ලැබේ. ඒ අනුව සුදුසුකම් ලබා ඇති අනෙකුත් අපේක්ෂකයින් සඳහා අවස්ථාව ලබා දෙනු ලැබේ.

මෙම පාඨමාලාවට අදාල වන නියමිත අවශ්‍යතා ඔබ විසින් සපුරා නොමැති බව හෙළි වුවහොත් ලියාපදිංචිය අවලංගු කරනු ලැබේ.

Join Us on Social Media