Bachelor of Social Science (General) External Degree in Environmental and Development Studies Registration Renewal – 2014 Batch

2014 වර්ෂයේදී සමාජීය විද්‍යාවේදී පාරිසරික හා සංවර්ධන අධ්‍යයන (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව සඳහා බඳවා ගත් බාහිර උපාධි අපේක්ෂකයින්ගේ ලියාපදිංචියේ පළමු අදියර (පළමු වසර 3) සහ ලියාපදිංචියට අදාළ සියළුම විභාග අවසන් වී ඇත. එහෙත්, ඔබ මේ වන විට උපාධිය සම්පූර්ණ කර ගෙන නොමැත්තේ නම් හා තව දුරටත් අධ්‍යයන කටයුතු කරගෙන යාමට අවශ්‍ය වන්නේ නම් එම ලියාපදිංචිය දීර්ඝ කරගත යුතුය.

ලියාපදිංචිය දීර්ඝ කිරීමට අදාළ අයදුම්පත සහ මුදල් ගෙවිය යුතු ගිණුම් අංකය පහත සබැඳිය හරහා ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය යෙදීමෙන් බාගත (Download) කරගත හැක. එසේ ලබාගන්නා අයදුම්පත් නියමිත ගාස්තු ගෙවීමෙන් අනතුරුව අදාළ රිසිට්පත සහ ශිෂ්‍ය වාර්ථා පොතද සමඟ සහකාර ලේඛකාධිකාරි” බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය” තැපැල් පෙට්ටිය අංක 10″ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය” ගංගොඩවිල” නුගේගොඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත් බහා එවනු ලබන කවරයේ ඉහළ වම් කෙළවරේ “ලියාපදිංචිය දීර්ඝ කිරීම – සමාජීය විද්‍යාවේදී පාරිසරික හා සංවර්ධන අධ්‍යයන (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව” යනුවෙන් සඳහන් කළ යුතුය.

ලියාපදිංචිය දීර්ඝ කිරීමේ ගාස්තු එක් වසරක් සඳහා රු.5000.00 වන අතර මෙම ලියාපදිංචිය දීර්ඝ කිරීම වසරක් සඳහා වලංගු වන අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත සමාජීය විද්‍යාවේදී පාරිසරික හා සංවර්ධන අධ්‍යයන (සාමාන්‍ය) බාහිර උපාධි I, II සහ III පුනර් පරීක්ෂණ සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. 2018 වර්ෂයේදී පැවැත්වීමට නියමිත සමාජීය විද්‍යාවේදී පාරිසරික හා සංවර්ධන අධ්‍යයන (සාමාන්‍ය) බාහිර උපාධි II පුනර් පරීක්ෂණ සඳහා අයදුම් කළ සිසුන් 2018 ජුනි 22 දිනට පෙර ශිෂ්‍ය ලියාපදිංචිය දීර්ඝ කිරීම අවශ්‍ය වේ.

උපාධිය සම්පූර්ණ කිරීම සඳහා ලබා දෙන සම්පූර්ණ කාලය වසර 7 ක් වන අතර එම කාලසීමාවෙන් පසු ලියාපදිංචිය දීර්ඝ කරනු නොලැබේ. තවත් අවස්ථා තුනකදී ලියාපදිංචිය දීර්ඝ කිරීමට අවස්ථාව ඇති අතර ඒ සම්බන්ධව වැඩි විස්තර ඉදිරියේදී මෙම වෙබ් අඩවියෙහි යාවත්කාලීන කෙරනු ඇත.

ලියාපදිංචිය දීර්ඝ කිරීම සදහා එක් අයදුම්කරුවෙකු වෙනුවෙන් සුවිශේෂී ගිණුම් අංකයක් බැගින් ඇති අතර තමාට අදාළ ගිණුම් අංකයට පමණක් ගෙවීම් කළ යුතුය. (එහි ඡායාපිටපතක් ළඟ තබා ගන්න.)

Join Us on Social Media