BSc Business Administration (General) External Degree Part 3 (Old Syllabus) Last Examination

විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි III පරීක්ෂණය (පැරණි නිර්දේශය) අයදුම්පත් කැඳවීම – 2018
(පැරණි නිර්දේශය සඳහා උපාධි III යටතේ පැවැත්වෙන අවසාන පරීක්ෂණය)

පැරණි නිර්දේශය යටතේ විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි III සඳහා පවත්වනු ලබන අවසාන පරීක්ෂණය 2018 වර්ෂයේ පැවැත්වීමට නියමිතය. පරීක්ෂණ අයදුම්පත් බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයෙන් ලබාගෙන මුදල් ගෙවන ලද රිසිට්පත සහ පහත සඳහන් ලේඛනද සමග 2018 ජූලි 26 දින හෝ ඊට ප්‍රථම, ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී, බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය, තැ : පැ  අංක 10, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත් බහා එවනු ලබන කවරයේ ඉහළ වම් කෙළවරේ පරීක්ෂණයේ නම සඳහන් කළ යුතුය.

මෙම පරීක්ෂණය සඳහා අයදුම් කිරීමට 2016 – 12 – 31 දිනට වලංගු ලියාපදිංචියක් තිබිය යුතු අතර එසේ නොමැති අයදුම්කරුවන් විශ්වවිද්‍යාලයට පැමිණ තම ලියාපදිංචිය දීර්ඝ කර ගත යුතුය.

පරීක්ෂණයට අදාළ සියලුම ගෙවීම්, මහජන බැංකුවේ 072180007048 දරණ ගිණුමට බැර කළ යුතුයි. එහි මුල් පිටපත අදාළ අයදුම්පතට අමුණා එවිය යුතුයි.

පරීක්ෂණ ගාස්තු –

එක් විෂයයක් සඳහා රු.2000.00
විෂයයන් 2ක් සඳහා රු.4000.00
විෂයයන් 3ක් හෝ ඊට වැඩි ගණනක් සඳහා රු.6000.00

Join Us on Social Media