2018 BSc in Management (Public) General (External) Degree Part I Exam Application

විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි I  (නව නිර්දේශය) පරීක්ෂණ අයදුම්පත්‍රය සහ මුදල් ගෙවිය යුතු ගිණුම් අංක පහතින් ලබා ගත හැක. 

පරීක්ෂණ ගාස්තු සියලුම විෂයයන් සඳහා රු. 8500.00 වන අතර සහතික කරන ලද අයදුම්පත්‍රය මුදල් ගෙවූ වවුචර්පත සමග, 2019 ජූලි 26 දින හෝ ඊට ප්‍රථම ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී, බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය, තැ : පෙ අංක 10, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත් බහා එවනු ලබන කවරයේ ඉහළ වම් කෙළවරේ පරීක්ෂණයේ නම සඳහන් කළ යුතුය. 

ගෙවීම් කිරීමේදී විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි I  පරීක්ෂණයට අදාලව ඔබටම වෙන් වූ වෙනම ගිණුම් අංකයක් පවතින බැවින් වෙනත් ගිණුම් අංක වලට හෝ වැරදි ගිණුම් අංක වලට ගෙවන ලද මුදල් පිළිබඳව විශ්වවිද්‍යාලය වගකියනු නොලැබේ. 

විභාග ප්‍රවේශපත්‍ර තැපැල් මගින් එවනු ලබන අතර සියලුම විස්තර මෙම වෙබ් අඩවියෙහි යාවත්කාලීන කරනු ඇත.