BSc Management (Public) General External Degree Part 3 (Old Syllabus) Exam Application

විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය බාහිර  උපාධි III  පරීක්ෂණය (පැරණි නිර්දේශය) සඳහා අයදුම්පත් කැඳවීම 

විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය බාහිර  උපාධි III පරීක්ෂණය (පැරණි නිර්දේශය) සඳහා අදාළ අයදුම්පත පහතින් බාගත කර ගත හැකි අතර එය නිසි පරිදි සම්පුර්ණ කර 2018 ජුලි 26 දින හෝ ඊට ප්‍රථම ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී, බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය, තැ :පෙ අංක 10, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත් බහා එවනු ලබන කවරයේ ඉහල වම්
කෙලවරේ පරීක්ෂණයේ නම සඳහන් කළ යුතුය

2017 – 12 – 31 දිනට වලංගු ලියාපදිංචියක් පවත්නා අපේක්ෂක අපේක්ෂිකාවෝ පමණක් මෙම විභාග වලට ඇතුලත් වීම සඳහා සුදුසුකම් ලබති. ලියාපදිංචිය සනාථ කිරීමට ඔබගේ අපේක්ෂක සටහන් පොතෙහි නම හා ලියාපදිංචි අංකය සටහන් වී ඇති පිටුවෙහි සහ ලියාපදිංචිය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඇති පිටුවෙහි ඡායා පිටපතක් විභාග අයදුම්පත් සමග අනිවාර්යෙන් අමුණා එවිය යුතුය. එසේ නොමැති අයදුම්පත් විමසීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ

බාහිර විභාග ඒකකය මගින් නිකුත් කරනු ලැබූ නියමිත අයදුම්පත් මගින් පමණක් අදාළ පරීක්ෂණයට අයදුම් කළ  යුතුය. අයදුම්කරනු ලබන පරීක්ෂණයට පෙනී සිටීමට සුදුසුකම් නොමැති අය  විසින් ඉදිරිපත් කරනු ලබන හෝ අසම්පුර්ණ හෝ වැරදි තොරතුරු ඇතුළත්  කොට හෝ ප්‍රමාද වී එවනු ලබන සියලුම අයදුම්පත් නැවත විමසීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ. ප්‍රතික්ෂේප වූ අයදුම්පත් වෙනුවෙන් ගෙවනු ලැබූ මුදල් කිසිඳු ලෙසකින් ආපසු ගෙවනු නොලැබේ.

විභාග අයදුම්පතෙහි සියලුම කොටස් නිසි පරිදි සම්පුර්ණ කළ යුතු අතර එසේ නොකිරීම පරීක්ෂණය සඳහා නුසුදුස්සෙකු වීමට හේතු වේ.

ඔබ මීට පෙර මෙම පරීක්ෂණයට අයදුම්කර හෝ පෙනී සිට ඇත්නම් එම තොරතුරු ඊට අදාල  ස්ථානයේ සඳහන් කළ යුතුය. ඔබගේ විභාග අංකය සනාථ  කිරීම සඳහා කුමන හෝ වර්ෂයක ප්‍රථිපල සටහනක පිටපතක් අනිවාර්යයෙන් එවිය යුතුය.

පරීක්ෂණ ගාස්තු –

එක් විෂයයක් සඳහා රු. 2000.00
විෂයයන් 2ක් සඳහා රු.4000.00
විෂයයන් 3ක් හෝ වැඩි ගණනක් සඳහා රු. 6000.00

ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ලබා ගන්නා ලද මුදල් ගෙවීමේ රිසිට් පතකින් ගිණුම් අංක 072170007099 ට මුදල් ගෙවා එහි මුල් පිටපත අයදුම්පත සමග එවිය යුතුය. (ඡායා පිටපතක් තබා ගන්න)

අයදුම්පත්‍රයේ අත්සන සහතික කිරීම සඳහා වෙන් කර ඇති ස්ථානයේ සඳහන් කර ඇති අයෙකු ඉදිරියේ දී අත්සන් කර ඒ බවට නියමිත ස්ථානයේ සහතික කරවා ගත යුතුය. සහතික කල අයගේ නම, තනතුර හා ලිපිනය අනිවාර්යයෙන් සඳහන් කල යුතු අතර නිල මුද්‍රාව තබා තිබිය යුතුය.

සහතික කරන ලද අයදුම්පත්‍රය මුදල් ගෙවූ වවුචර් පත සමග තමාගේ නම ලිපිනය ලියන ලද රු 35.00 බැගින් වටිනා මුද්දර අලවන ලද 9″x 6″ ප්‍රමාණයේ ලියුම් කවර 2ක් අමුණා එවිය යුතු අතර එම කවර වල ඉහල වම් කෙළවරෙහි ඔබගේ විභාග අංකයද අනිවාර්යයෙන් සඳහන් කල යුතුය.

Join Us on Social Media