Calling Applications for 2015 Bachelor of Commerce (General) External Degree Part 2 (New Syllabus) Repeat Examination

වාණිජවේදී සාමාන්‍ය (බාහිර) උපාධි II (නව නිර්දේශය) පරීක්ෂණ අයදුම්පත්‍රය හා මුදල්  ගෙවිය යුතු ගිණුම් අංකය පහතින් ලබා ගත හැක. සහතික කරන ලද අයදුම්පත්‍රය මුදල් ගෙවූ වවුචර්පත සමග, 2018 අගෝස්තු 31 දින හෝ ඊට ප්‍රථම, ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී, බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය, තැ :පෙ අංක 10, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත් බහා එවනු ලබන කවරයේ ඉහළ වම් කෙළවරේ පරීක්ෂණයේ නම සඳහන් කළ යුතුයි.

පරීක්ෂණ ගාස්තු

එක් විෂයයක් සඳහා රු. 2000.00
විෂයයන් 2ක් සඳහා රු. 4000.00
විෂයයන් 3ක් හෝ වැඩි ගණනක් සඳහා රු. 6000.00

සැලකිය යුතුයි.

ගෙවීම් කිරීමේදී වාණිජවේදී සාමාන්‍ය (බාහිර) උපාධි II පරීක්ෂණයට අදාලව ඔබට වෙන් වූ වෙනම ගිණුම් අංකයක් පවතින බැවින් අදාළ ගිණුම් අංකයටම ගෙවීම් කල යුතුය. වෙනත් ගිණුම් අංක වලට ගෙවන ලද මුදල් පිළිබඳ විශ්වවිද්‍යාලය වගකියනු නොලැබේ.

විභාග ප්‍රවේශපත්‍ර තැපැල් මගින් එවන අතර සියලුම විස්තර මෙම වෙබ් අඩවියෙහි යාවත්කාලීන කරනු ඇත.

Join Us on Social Media