Change Registration from Special to General Degree of Bachelor of Commerce External Degree

වාණිජවේදී (විශේෂ) උපාධි බාහිර පාඨමාලා සම්පූර්ණ නොකළ සිසුන් වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාවට මාරු කිරීම

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජවේදී විශේෂ උපාධිය සඳහා ලියාපදිංචි වී එම උපාධිය සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ සිසුන් සඳහා නැවත අවස්ථාවක් ලබා දීමට ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සනාතන සභාව තීරණය කර ඇත.

ඒ අනුව වාණිජවේදී (විශේෂ) බාහිර උපාධි පාඨමාලාව සම්පූර්ණ කිරීමට නොහැකි වූ, අවම වශයෙන් උපාධි කොටස් දෙකක් සමත් වී උපාධිය සම්පූර්ණ කිරීමට විෂය කිහිපයක් පමණක් සමත් විය යුතු උපාධි අපේක්ෂකයින් වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාවට මාරු කිරීමට සහ නැවත ලියාපදිංචි වී එම පාඨමාලාව සම්පූර්ණ කිරීමට අවස්ථාවක් ලබා දීමට තීරණය කර ඇත.

වැඩිදුර තොරතුරු සඳහා සියලුම ප‍්‍රතිඑල ලේඛනවල පිටපත් සහ ශිෂ්‍ය වාර්තා පොත රැගෙන 2017 පෙබරවාරි 14 වන දින කාර්යාල වේලාවන්හිදී බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයට පැමිණිය යුතුය.
ලේඛකාධිකාරී,
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

Join Us on Social Media