Environmental and Development Studies (General) External Degree Part III Repeat Exam Application (2014 Batch)

සමාජීය විද්‍යාවේදී පාරිසරික හා සංවර්ධන අධ්‍යයන (සාමාන්‍ය) බාහිර උපාධි III පුනර් පරීක්ෂණය පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. අදාළ පරීක්ෂණය සඳහා අයදුම්පත් සහ ගෙවීම් කළ යුතු ගිණුම් අංක පහතින් බාගත (Download) කර ගත හැක.

එසේ ලබා ගන්නා අයදුම්පත් නියමිත ගාස්තු ගෙවීමෙන් අනතුරුව, අයදුම්පත් භාර ගන්නා අවසාන දිනට ප්‍රථම, ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී, බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය, තැපැල් පෙටිටිය අංක 10, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත් බහා එවන කවරයේ ඉහළ වම් කෙළවරේ සමාජීය විද්‍යාවේදී පාරිසරික හා සංවර්ධන අධ්‍යයන  (සාමාන්‍ය) බාහිර උපාධි III පුනර් පරීක්ෂණය ලෙස සඳහන් කළ යුතුය.

පරීක්ෂණ ගාස්තු

එක් විෂයක් සඳහා රු. 2000.00
විෂයන් දෙකක් සඳහා රු. 4000.00
විෂයන් තුනක් සඳහා රු. 6000.00
විෂයන් හතරක් සඳහා රු. 8000.00
විෂය පහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සඳහා රු. 10,000.00

 

අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය : 2019 අගෝස්තු මස 26

සැලකිය යුතුයි.

  • ගෙවීම් කිරීමේදී ඔබට අදාළ ගිණුම් අංකයටම ගෙවීම් කළ යුතු අතර වෙනත් ගිණුම් අංකවලට ගෙවන ලද මුදල් පිළිබඳව විශ්වවිද්‍යාලය වග කියනු නොලැබේ.
  • පරීක්ෂණය සඳහා ප්‍රවේශපත් තැපැල් මාර්ගයෙන් එවනු ලබන අතර පරීක්ෂණ කාලසටහන ඉදිරියේදී වෙබි අඩවියට පිවිස ලබාගත හැක.