Examination and Seminar Applications of Part III (OLD Syllabus) Bachelor of Science Business Administration (General) External Degree Programme 2017

විද්‍යාවේදි ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි III පරික්ෂණය/සම්මන්ත‍්‍රණය (පැරණි නිර්දේශය) අයදුම්පත් කැඳවිම – 2017

පරීක්ෂණය / සම්මන්ත‍්‍රණය සඳහා අයදුම් කිරිම

පරීක්ෂණ සහ සම්මන්ත‍්‍රණ අයදුම්පත් බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයෙන් ලබාගත යුතු අතර එසේ ලබා ගන්නා ලද අයදුම්පත් නිසි පරිදි සම්පුර්ණ කර, අයදුම්පත් භාර ගන්නා අවසන් දිනට ප‍්‍රථම,

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරි,
බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය,
තැ.පෙ. අංක 10,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,
ගංගොඩවිල,
නුගේගොඩ.

යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුයි. අයදුම්පත් බහා එවනු ලබන කවරයේ ඉහළ වම් කෙළවරේ පරීක්ෂණයේ / සම්මන්ත‍්‍රණයේ නම සඳහන් කළ යුතුය.

පරීක්ෂණ / සම්මන්ත‍්‍රණ අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය

විද්‍යාවේදි ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි III පරික්ෂණය / සම්මන්ත‍්‍රණය සඳහා අයදුම්පත් භාර ගැනිමේ අවසන් දිනය -2017 ජුනි 19 දින වන අතර ඉන්පසුව ලැබෙන අයදුම්පත් කිසිදු හේතුවක් මත භාර ගනු නොලැබේ.

අයදුම් කිරිම සඳහා සුදුසුකම්

2015/12/31 දිනට වලංගු ලියාපදිංචියක් තිබිය යුතු අතර එසේ නොමැති අයදුම්කරුවන් විශ්වවිද්‍යාලයට පැමිණ තම ලියාපදිංචිය දිර්ඝ කර ගත යුතුය.
පරීක්ෂණ / සම්මන්ත‍්‍රණ ගාස්තු ගෙවීම

පරීක්ෂණ ගාස්තු

පරීක්ෂණයට අදාළ සියළුම ගෙවීම්, මහජන බැංකුවේ, 072180007089 දරණ ගිණුමට බැර කළ යුතුයි. එහි මුල්පිටපත අදාළ අයදුම්පතට අමුණා එවිය යුතුය . (අදාළ මුදල් ගෙවිම් වවුචර්පත් මහජන බැංකුවෙන් ලබාගත යුතු අතර ගෙවිම් කළපසු එහි ඡායා පිටපතක් ලඟ තබා ගත යුතුය.)

සම්මන්ත‍්‍රණ ගාස්තු

සම්මන්ත‍්‍රණයට අදාළ සියළුම ගෙවීම්, මහජන බැංකුවේ, 072520007088 දරණ ගිණුමට බැර කළ යුතුයි. එහි මුල්පිටපත අදාළ අයදුම්පතට අමුණා එවිය යුතුය . ( අදාළ මුදල් ගෙවිම් වවුචර්පත් මහජන බැංකුවෙන් ලබාගත යුතු අතර ගෙවිම් කළපසු එහි ඡායා පිටපතක් ලඟ තබා ගත යුතුය.)

නියමිත පරීක්ෂණ / සම්මන්ත‍්‍රණ ගාස්තු

පරික්ෂණ ගාස්තු එක් විෂයයක් සඳහා රු.2000.00
විෂයයන් 2ක් සඳහා රු.4000.00
විෂයයන් 3ක් හෝ වැඩි සංඛ්‍යාවක් සඳහා රු.6000.00
සම්මන්ත‍්‍රණ ගාස්තු විෂයන් 6ක් සඳහා රු.6000.00
එක් විෂයක් සඳහා රු.1000.00 බැගින්

අයදුම්පත‍්‍රයේ සියළුම කොටස් නිසි පරිදි සම්පුර්ණ කළ යුතුය. නියමිත පරිදි මුදල් නොගෙවන ලද, අසම්පුර්ණ අයදුම්පත් දැනුම්දීමකින් තොරව ප‍්‍රතික්ෂේප කරනු ලැබේ. නියමිත පරිදි සම්පුර්ණ කරන ලද විභාග/සම්මන්ත‍්‍රණ අයදුම්පත් සමග තමාගේ නම ලිපිනය ලියන ලද රු. 30.00 බැගින් වටිනා මුද්දර අලවන ලද 9’×6′ ප‍්‍රමාණයේ ලියුම් කවර 3 බැගින් අමුණා ඉහත ලිපිනයට ලියාපදිංචි තැපැලෙන් එවිය යුතුය.

සැලකිය යුතුයි

ගෙවිම් කිරිමේදි පරික්ෂණ ගාස්තු සහ සම්මන්ත‍්‍රණ ගාස්තු සඳහා වෙන් වෙන් වශයෙන් වු ගිණුම් අංක දෙකක් ඇති අතර අදාළ ගෙවීම නිවැරදි ගිණුම් අංකයටම කළ යුතුය. වෙනත් ගිණුම් අංක වලට ගෙවන ලද මුදල් පිලිබඳ විශ්වවිද්‍යාලය වගකියනු නොලැබේ.

2015-12-31 දිනට වලංගු ලියාපදිංචියක් පවත්නා අපේක්ෂක අපේක්ෂිකාවන් පමණක් ඉහත පරීක්ෂණයට ඇතුලත් වීම සඳහා සුදුසුකම් ලබති. ලියාපදිංචිය සනාථ කිරිමට ඔබගේ අපේක්ෂක සටහන් පොතෙහි නම සහ ලියාපදිංචි අංකය සටහන්ව ඇති පිටුවෙහි සහ ලියාපදිංචිය දීර්ඝ කිරිම සම්බන්ධයෙන් ඇති පිටුවෙහි ඡායා පිටපත් සහ කුමන හෝ වසරක ප‍්‍රතිඵල ලේඛණයක් විභාග අයදුම්පත සමඟ අනිවාර්යයෙන් අමුණා එවිය යුතු අතර, එසේ නොමැති පරීක්ෂණ අයදුම්පත් කිසිදු විමසීමකින් තොරව ප‍්‍රතික්ෂේප කරනු ලැබේ.

විභාග හා සම්මන්ත‍්‍රණ කාලසටහන් / ප‍්‍රවේශ පත‍්‍ර තැපැල් මගින් එවන අතර සියළුම විස්තර අපගේ වෙබ් අඩවියේ ප‍්‍රදර්ශණය කර ඇත.

Join Us on Social Media