First Examination in Arts (External) 2018 (GAQ) Examination Application Form

පරීක්ෂණය සඳහා අයදුම් කිරීම

ශාස්ත්‍රවේදී ප්‍රථම (බාහිර) පරීක්ෂණ 2018 සඳහා වන අයදුම්පත පහත සබැඳිය හරහා බාගත කර, නිසි පරිදි සම්පුර්ණ කර, 2018 මැයි 31 දිනට ප්‍රථම, ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී, බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත් බහා එවනු ලබන කවරයේ ඉහළ වම් කෙළවරේ පරීක්ෂණයේ නම සඳහන් කළ යුතුය.

 

අයදුම් කිරීම සඳහා සුදුසුකම්

2015 දෙසැම්බර් 31 දිනට වලංගු ලියාපදිංචියක් තිබිය යුතු අතර එසේ නොමැති අයදුම්කරුවන් විශ්වවිද්‍යාලයට පැමිණ තම ලියාපදිංචිය දීර්ඝ කර ගත යුතුය.

 

පරීක්ෂණ ගාස්තු ගෙවීම

පරීක්ෂණ ගාස්තු ගෙවීම සඳහා අදාළ ගිණුම් අංකය පහතින් දක්වා ඇති අතර නිවැරදිව තෝරා අදාළ ගෙවීම් කිරීම ඔබගේ වගකීම වේ.

පරීක්ෂණ ගාස්තු ඕනෑම මහජන බැංකු ශාඛාවකට ගෙවා එහි මුල් පිටපත අදාළ අයදුම්පත සමග අමුණා එවිය යුතුය. (පිටපතක් ළඟ තබා ගන්න)

ශාස්ත්‍රවේදී ප්‍රථම (බාහිර) පරීක්ෂණ ගාස්තු – ගිණුම් අංකය  072570007079

පරීක්ෂණ ගාස්තු

එක් විෂයයක් සඳහා      – රු 2000.00

විෂයයන් 3ක් සඳහා       – රු 6000.00

සැළකිය යුතුයි.

අයදුම්පත්‍රයේ සියලුම කොටස් නිසි පරිදි සම්පුර්ණ කළ යුතුය. නියමිත පරිදි මුදල් නොගෙවන ලද, අසම්පූර්ණ අයදුම්පත් දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

නියමිත පරිදි සම්පුර්ණ කරන ලද විභාග  අයදුම්පත ඉහත ලිපිනයට තමාගේ නම ලිපිනය  සඳහන් කරන ලද රු. 30ක් වටිනා මුද්දර අලවන ලද 9” x 6” ලියුම් කවර 2ක් සමග අමුණා එවිය යුතුය.

2015 දෙසැම්බර් 31 දිනට වලංගු ලියාපදිංචියක් පවත්නා අපේක්ෂක අපේක්ෂිකාවෝ පමණක් මෙම පරීක්ෂණයට ඇතුලත් වීමට සුදුසුකම් ලබයි. ලියාපදිංචිය සනාථ කිරීමට ඔබගේ අපේක්ෂක සටහන් පොතෙහි නම ලියාපදිංචි අංකය සඳහන්ව ඇති පිටුවෙහි සහ ලියාපදිංචිය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඇති පිටුවෙහි ඡායා පිටපත් විභාග අයදුම්පත සමග අනිවාර්යයෙන් අමුණා එවිය යුතුය. එසේ නොමැති අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

විභාග කාලසටහන සහ ප්‍රවේශපත්‍ර තැපැල් මගින් එවන ලබන අතර සියලු විස්තර මෙම වෙබ් අඩවියෙහි යාවත්කාලීන කරනු ඇත.

Join Us on Social Media