New Registration 2017 Faculty of Humanities and Social Sciences


Please refer to the Advertisements and Qualifications below and use the link in the side bar to apply.

කරුණාකර මෙම පිටුවේ අඩංගු දැන්වීම හා සුදුසුකම් පිලිබඳ විස්තරය කියවා පසෙකින් ඇති සබැඳි භාවිතයෙන්  ඔබගේ අයදුම්පත බාගතකරගන්න.

Special Notice – New Registration 2017
නව ලියාපදිංචි කිරීම් 2017 – විශේෂ දැන්වීම.

If you are unable to fill or download the “online application form”, Please prepare the same application form by yourself and post it to the External and Extension Courses Unit with a copy of paid bank slip. The bank account number assigned for each degree program should be read as follows.
වෙබ් අඩවියේ ඇති “ආදර්ශ විද්‍යුත් ඉල්ලුම් පත්‍රය” පිරවීමට හෝ එහි පිටපතක් ලබා ගැනීමට ඔබට යම් අපහසුතාවයක් ඇතිවුවහොත් පමණක්, එම ආකෘතියට අනුව ඔබ විසින් සකස් කරන ලද අයදුම්පතක් අදාල බැංකු රිසිට්පත සමඟ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය වෙත තැපැල් කර එවන්න.
ඔබ අයදුම් කරන උපාධි පාඨමාලාවට අදාල බැංකු ගිණුම් අංකය පහත දක්වා ඇත.

Bachelor of Humanities and Social Sciences(General)External Degree 072010007010
Bachelor of Social Sciences (General) External Degree in Environmental and Development Studies 072010007069
Bachelor of Arts in English (General) External Degree 072010007028

 

Please Provide certified copies of your Birth Certificate, A/L certificate or Other relevant certificates to prove your qualifications along with the form you download or prepare.
කරුණාකර සහතික කරන ලද ඔබගේ උප්පැන්න සහතිකයේ පිටපත සහ උසස්පෙළ ප්‍රතිඵල සහතිකය හෝ අයදුම් කිරීමට සපුරා ඇති සුදුසුකම් සනාථ කිරීමට අවශ්‍ය සහතික වල සහතික කල පිටපත් ඔබ බාගත කරන හෝ සකස් කරන අයදුම්පත සමග යොමුකරන්න.

for more details

Bachelor of Humanities and Social Sciences (General) External Degree
Bachelor of Social Sciences (General) External Degree in Environmental and Development Studies
Bachelor of Arts in English (General) External Degree

Prospectus Faculty of Humanities and Social Sciences 2016 

APPLY FOR


Bachelor of Arts (General) External Degree in Humanities and Social Sciences HERE


Bachelor of Social Sciences (General) External Degree in Environmental and Development Studies


Bachelor of Arts in English (General) External Degree


You have to download only 1 copy of payment voucher instead of 4 copies

ඔබ විසින් ගෙවීම් වව්චර් පත් 4ක් වෙනුවට 1ක් ලබාගැනීම (බාගත කිරීම) ප්‍රමාණවත් වේ.


Advertisement

University of Sri Jayewardenepura, Sri Lanka
Faculty of Humanities and Social Sciences
Registration for External Degree Programmes in year 2017

Applications are invited until 31st March 2017 from eligible candidates for the selection to register for the following degree programmes conducted by the External Degrees and Extension Courses Unit of the University of Sri Jayewardenepura.
1. Bachelor of Humanities and Social Sciences (General) External Degree
2. Bachelor of Social Sciences (General) External Degree in Environmental and Development Studies
3. Bachelor of Arts in English (General) External Degree

Entry Qualifications

Entry Qualifications are available below.

Lectures and Facilities

40 hours of lectures for each course unit will be conducted for all the subjects of the Degree program registered. You have the opportunity to receive input from a distinguished panel of lecturers who have the expertise on their subject areas.
When there is a considerable number of undergraduates registered for a program, seminars will be conducted at district level as well.

Depending on the nature of the subject, the undergraduates have the opportunities to filed work and research conferences.

Application Procedure

Following documents should be provided;
1. You have to submit your duly completed application form through the University website.
2. Copy of that application from should be sent under registered post to the below mentioned address on or before 31st March 2017.
(Note: Mention the name of the degree programme applied for on the top left hand corner of the envelope)

3. Bank receipt issued by any People’s Bank branch for the value of Rs.1300/= (one thousand and three hundred) paid to External Examinations Unit, University of Sri Jayewardenepura according to your degree programme which is indicated in below, to the People’s Bank Gangodawila branch.

Account No

Bachelor of Humanities and Social Sciences(General)External Degree 072010007010
Bachelor of Social Sciences (General) External Degree in Environmental and Development Studies 072010007069
Bachelor of Arts in English (General) External Degree 072010007028

Address:

Assistant Registrar
External Degrees and Extension Courses Unit
P.O.Box No. 10
University of Sri Jayewardenepura
Gangodawila
Nugegoda.
Registrar
University of Sri Jayewardenepura

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ශ‍්‍රී ලංකාව
මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා පීඨය
‎බාහිර උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි කිරීම – 2017

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ‎බාහිර උපාධි සහ විස්තාරිත පාඨමාලා ඒකකය මඟින් පවත්වනු ල‎බන පහත සඳහන් බාහිර උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීමට තෝරාගැනීම පිණිස සුදුසුකම් ලත් අයදුම්කරුවන්ගෙන් 2017 මාර්තු 31 වන දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.

1.ශාස්ත‍්‍රවේදී මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා (සාමාන්‍ය) ‎බාහිර උපාධි පාඨමාලාව
2.සමාජීය විද්‍යා පාරිසරික හා සංවර්ධන අධ්‍යයන (සාමාන්‍ය) ‎බාහිර උපාධි පාඨමාලාව
3.ශාස්ත‍්‍රවේදී ඉංග‍්‍රීසි (සාමාන්‍ය) ‎බාහිර උපාධි පාඨමාලාව

අයදුම් කිරීමේ සුදුසුකම් :

පහතින් දක්වා ඇත

දේශන සහ පහසුකම් :

තෝරා ගත් උපාධි පාඨමාලාවේ සියලුම විෂයන් සඳහා එක් විෂයකට පැය 40 ක කාලයක් ආවරණය වන පරිදි අදාළ විෂයයන් ‏භාර ආචාර්යවරුන් විසින් පවත්වනු ල‎බන සම්මන්ත‍්‍රණ සඳහා සහ‏භාගී වීමේ අවස්ථාව ඔ‎බට හිමි වේ.

සම්මන්ත‍්‍රණ පැවැත්වීමට දිස්ත‍්‍රික්ක මට්ටමෙන් ප‍්‍රමාණවත් ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින අවස්ථාවලදී අදාළ දිස්ත‍්‍රික්කය තුළම තෝරාගත් ස්ථානයක සම්මන්ත‍්‍රණ පැවැත්වේ.

විෂයයන්ගේ අවශ්‍යතා පරිදි උපාධි අපේක්ෂකයින්ට ක්ෂේත‍්‍ර අධ්‍යයනයන් හා පර්යේෂණ වැඩමුළු සඳහා සහ‏භාගී වීමටද අවස්ථාව ඇත.

අයදුම්පත් ඉදිරිපත් කිරීම :

1. විශ්වවිද්‍යාල වෙ‎බ් අඩවිය හරහා නියමිත පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත යොමු කළ යුතුය.

2. එම අයදුම්පතේ පිටපතක් 2017 මාර්තු 31 දින හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් පහත සඳහන් ලිපිනයට එවිය යුතුය. (සැ.යු. ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවර තමා ඉල්ලුම් කරන උපාධි පාඨමාලාවේ නම සඳහන් කර එවිය යුතුය.)

3. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ‎බාහිර විභාග අංශයේ, මහජන ‎බැංකුව, ගංගොඩවිල ශාඛාවේ, ඔබ විසින් අයඳුම් කිරීමට අපේක්ෂිත උපාධි පාඨමාලාවට අදාළව පහතින් සඳහන් අදාළ ගිණුම් අංකයට ‎බැර වන පරිදි ඕනෑම මහජන ‎බැංකු ශාඛාවකට රු.1300/- ක මුදලක් ගෙවා ලබාගත් රිසිට්පත අයදුම්පත සමඟ ඉදිරිපත් කළ යුතුය.

ගිණුම් අංකය

ශාස්ත‍්‍රවේදී මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා (සාමාන්‍ය) ‎බාහිර උපාධි පාඨමාලාව 072010007010
සමාජීය විද්‍යා පාරිසරික හා සංවර්ධන අධ්‍යයන (සාමාන්‍ය) ‎බාහිර උපාධි පාඨමාලාව 072010007069
ශාස්ත‍්‍රවේදී ඉංග‍්‍රීසි (සාමාන්‍ය) ‎බාහිර උපාධි පාඨමාලාව 072010007028

අයදුම්පත් යොමු කළ යුතු ලිපිනය :

සහකාර ලේඛකාධිකාරී,
බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය,
තැ.පෙ. අංක 10,
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,
ගංගොඩවිල, නුගේගොඩ.ලේඛකාධිකාරී,
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

Qualifications