Interview for the Selected Students for the Bachelor of Science Business Administration (General) External Degree Programme 2016

විද්‍යාවේදි ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව සඳහා අපේක්ෂකයන් ලියාපදිංචි කිරිම -2016

 

විද්‍යාවේදි ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි කර ගැනීම පිණිස 2016-06-11 දින පවත්වන ලද තෝරා ගැනීමේ පරීක්ෂණයෙන් ලබාගත් ප‍්‍රතිඵල මත සහ ඔබගේ අයදුම්පතෙහි සඳහන් පරිදි අ.පො.ස (උ.පෙ) සමත් වි තිබිම හෝ විශ්වවිද්‍යාලය පිළිගත් අමතර සුදුසුකම් සනාථ කිරිමට යටත්ව ඉහත පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට ඔබට අවස්ථාව ලැබෙනු ඇත.

ඒ සඳහා ලියාපදිංචි කිරිමට ඔබගේ සුදුසුකම් පරීක්ෂා කර බැලීමේ සම්මුඛ පරීක්ෂණයක් 2016-10-23 දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ව්‍යවහාරික විද්‍යා පීඨ ශ‍්‍රවනාගාරයේදි පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර නියමිත වේලාවට සහභාගිවිම ඔබගේ වගකීම වේ. (ඒ පිලිබඳ විස්තර තැපැල් මගින් එවා ඇත) ඔබ මෙම පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට අපේක්ෂා කරන්නේ නම්, පහතින් දිස්වන සබැඳියේ ඇති ෆෝරමයට ඔබගේ ජාතික හැදුනුම්පත් අංකය ලබාදීමෙන් ලියාපදිංචියට අදාළ අයදුම්පත සහ මුදල් ගෙවිය යුතු ගිණුම් අංකය බාගත කර ගත හැක.

අයදුම්පතෙහි සඳහන් තොරතුරු වල යම් වෙනසක් ඇතොත් අදාළ නිවැරදි කිරිම් එහිම සිදුකළ යුතු අතර, එසේ නොමැති වුවත් අදාළ අයදුම්පත ලියාපදිංචිය සඳහා පැමිණිමේදි අදාළ නිලධාරින්ට බාරදිය යුතුය. වෙබ් අඩවියෙන් බාගත කරගන්නා ලද ගිණුම් අංකයට(සෑම අයදුම්කරුවකු සඳහාම වෙන වෙනම ගිණුම් අංක ඇති බැවින් තමාට අදාළ අංකයෙන්ම ගෙවීම් කළ යුතුයි), බැංකුව විසින් ලබා දෙන රිසිට් පතක් මගින්, දිවයිනේ ඕනෑම මහජන බැංකුවකින් රු. 10000.00 ක මුදලක් ගෙවා එහි පිටපත සහ පහත සඳහන් ලේඛණවල මුල් පිටපත් සහ ඡායා පිටපත්ද සමග අදාළ දිනයේදී සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගි විය යුතුය. නියමිත දිනයේම සහභාගි නොවන අපේක්ෂකයන් ලියාපදිංචිය අපේක්ෂා නොකරන අයකු ලෙස සලකනු ඇත. පසුව ඔවුන් විසින් ලියාපදිංචි වීම සඳහා කරනු ලබන ඉල්ලීම් සලකා බලනු නොලැබේ.

  • උප්පැන්න සහතිකය
  • අ.පො.ස. (උ.පෙ) සහතිකය
  • වෙනත් සුදුසුකම් මත ලියාපදිංචි වන්නේ නම් අදාළ සහතික
  • උප්පැන්න සහතිකයෙහි සහ අධ්‍යාපන සහතිකවල නමෙහි වෙනසක් ඇත්නම් දිව්රුම් ප‍්‍රකාශයක්
  • ජාතික හැදුනුම්පත
  • පාස්පෝට් ප‍්‍රමාණයේ ඡුායාරූප 3 ක් (එක් ඡායාරූපයක් අයදුම්පතෙහි ඇලවිය යුතුය)

ඔබට අදාළ ශිෂ්‍ය වාර්ථා පොත, විෂය නිර්දේශය සහ අනෙකුත් ලිපි ලේඛණ ඉදිරි දිනයකදි පැවැත්වීමට නියමිත නම්නීකරණ වැඩසටහනේදි ලබා දීමට නියමිතය. පාඨමාලාව පිලිබඳ වැඩිදුර විස්තර මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැක. ගෙවන ලද ලියාපදිංචි ගාස්තු කිසිඳු හේතුවක් නිසා ආපසු ගෙවනු නොලබන අතර ඔබ විසින් සාවද්‍ය තොරතුරු සපයා ඇති බවට හෙලි වුවහොත් ඔබගේ ලියාපදිංචිය අවලංගු වේ. ඒ පිලිබඳ අවසාන තීරණය විශ්වවිද්‍යාලය සතුය.

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරි
බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය

Download Your Application

Your Group and Scheduled time for the interview

Download (PDF, 842KB)

Join Us on Social Media