Registration of Bachelor of Commerce (General) External Degree 2017 Filling of Vacancies

වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2017
ශිෂ්‍ය ලියාපදිංචිය (පුරප්පාඩු පිරවීම)

2017.06.24 දින පැවති තෝරාගැනීමේ පරීක්ෂණයෙන් සමත් වු සිසුන් සුදුුසුකම් සනාථ කිරීමට යටත්ව මෙම බාහිර උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි කරගනු ඇත.

පාඨමාලා ගාස්තුව
වර්ෂ 3 සඳහා රු.75,000.00 ක් වන අතර එය වාරික 3 කින් ගෙවිය හැකිය.
ලියාපදිංචි වීම සඳහා මුලිකව ගෙවිය යුතු ගාස්තුව

ලියාපදිංචි ගාස්තුව රු.15,000.00
පාඨමාලා ගාස්තු පළමු වාරිකය රු.35,000.00

ලියාපදිංචි වීම සඳහා මුලිකව ගෙවිය යුතු ගාස්තුව 2017.10.01 දිනට පෙර මහජන බැංකුවේ ඔබට අදාළ ගිණුම් අංක වලට ගෙවා පහත සඳහන් ලේඛන වල මුල් පිටපත් සහ ජායා පිටපත් ද රැගෙන 2017.10.01 දින පෙ.ව 9.00 ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සුමංගල ගොඩනැඟිල්ලේ විමර්ශන ශාලාව වෙත පැමිණිය යුතුය.

මුදල් ගෙවිය යුතු ගිණුම් අංක පහත සබැඳියට පිවිස ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය V අක්ෂරය රහිතව ඇතුළත් කිරීමෙන් බාගත (Download) කළ හැක.

පැමිණෙන විට ගෙන ආ යුතු ලියකියවිලි

x සම්පූර්ණ කරන ලද ඔබගේ තොරතුරු පත්‍රිකාව (ඉහත සඳහන් උපදෙස් පරිදී). එහි සංශෝධන සිදුකළ යුතු නම් නිවැරදි කර ගෙනැවිත් භාරදිය යුතුය.
x උප්පැන්න සහතිකය
x අ.පො.ස (උසස් පෙළ) සහතිකය හෝ අමතර සුදුසුකම් යටතේ ලියාපදිංචි වන්නේ නම් අදාල සහතික
x ජාතික හැඳුනුම්පත (ඡායා පිටපතක් සහිතව)
x නමෙහි වෙනසක් ඇත්නම් දිව්රුම් ප‍්‍රකාශයක් සහ අදාල ලියකියවිලි
x පාස්පෝට් ප‍්‍රමාණයේ (සෙ.මි. 3.5 x 4.5) වර්ණ ඡායාරූප තුනක්
x ලියාපදිංචි ගාස්තු රු. 15,000.00 ක මුදල ගෙවන ලද බැංකු රිසිට් පත
x පාඨමාලා ගාස්තු පළමු වාරිකය රු. 35,000.00 ගෙවන ලද බැංකු රිසිට් පත

ඔබගේ අයදුම්පත් අංකයට නියමිත කණ්ඩායම පහතින් දක්වා ඇත.

(අයදුම්පත් අංකය ඔබට එවා ඇති ප‍්‍රතිඵල ලේඛණයෙහි ලිපිනයට පහතින් දක්වා ඇත)
A කණ්ඩායම – 315 – 2071
B කණ්ඩායම – 2114 – 3878

ඉහත දිනයේ දී ලියාපදිංචිය සඳහා සහභාගි නොවුනහොත් ලියාපදිංචිය අපේක්ෂා නොකරන අයෙකු ලෙස සළකනු ලැබේ.
ඔබට ලියාපදිංචි විය හැක්කේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එක් බාහිර උපාධි පාඨමාලාවක් සඳහා පමණක් බව අවධාරණය කරමි.
ඉහත පාඨමාලාවට අදාල වන නියමිත අවශ්‍යතා ඔබ විසින් සපුරා නොමැති බව හෙළි වුවහොත් බාහිර උපාධි අපේක්ෂක ලියාපදිංචිය අවලංගු කරනු ලැබේ.

Download Your Application

Join Us on Social Media