Registration of Bachelor of Commerce (General) External Degree New Students for 2017

වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව
(ශිෂ්‍ය ලියාපදිංචිය 2017)

2017.06.24 දින පැවති තෝරාගැනීමේ පරීක්ෂණයෙන් ඔබ සමත් වී ඇත. ඒ අනුව සුදුුසුකම් සනාථ කිරීමට යටත්ව මෙම බාහිර උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට ඔබ සුදුසුකම් ලබා ඇත.

පාඨමාලා ගාස්තුව
වර්ෂ 3 සඳහා රු.75,000.00 ක් වන අතර එය වාරික 3 කින් ගෙවිය හැකිය.

ලියාපදිංචිය සඳහා මුලිකව ගෙවිය යුතු ගාස්තුව

ලියාපදිංචි ගාස්තුව රු.15,000.00
පාඨමාලා ගාස්තු පළමු වාරිකය රු.35,000.00

2017.08.26 දිනට පෙර මහජන බැංකුවේ ඔබට අදාළ ගිණුම් අංක වලට ගෙවා පහත සඳහන් ලේඛන වල මුල් පිටපත් සහ ජායා පිටපත් ද රැගෙන 2017.08.26 දින පෙ.ව 9.00/10.00 ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සුමංගල ගොඩනැඟිල්ලේ කියවීම් ශාලාව වෙත පැමිණිය යුතුය.

මුදල් ගෙවිය යුතු ගිණුම් අංක පහත සබැඳියට පිවිස ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය V අක්ෂරය රහිතව ඇතුළත් කිරීමෙන් බාගත (Download) කළ හැක.

පැමිණෙන විට ගෙන ආ යුතු ලියකියවිලි

x    සම්පූර්ණ කරන ලද ඔබගේ තොරතුරු පත්‍රිකාව (ඉහත උපදෙස් පරිදි බාගතකරගත්). එහි සංශෝධන සිදුකළ යුතු නම් නිවැරදි කර ගෙනැවිත් භාරදිය යුතුය.
x    උප්පැන්න සහතිකය
x    අ.පො.ස (උසස් පෙළ) සහතිකය හෝ අමතර සුදුසුකම් යටතේ ලියාපදිංචි වන්නේ නම් අදාල සහතික
x    වෘත්තීය සුදුසුකම් සනාථ කිරිමට අදාල සේවා සහතිකය
x    ජාතික හැඳුනුම්පත (ජායා පිටපතක් සහිතව)
x    නමෙහි වෙනසක් ඇත්නම් දිව්රුම් ප‍්‍රකාශයක් සහ අදාල ලියකියවිලි
x    පාස්පෝට් ප‍්‍රමාණයේ (සෙ.මි. 3.5 x 4.5) වර්ණ ජායාරූප තුනක්
x    ලියාපදිංචි ගාස්තු රු. 15,000.00 ක මුදල ගෙවන ලද බැංකු රිසිට් පත
x    පාඨමාලා ගාස්තු පළමු වාරිකය රු. 35,000.00 ගෙවන ලද බැංකු රිසිට් පත

ඔබගේ අයදුම්පත් අංකයට නියමිත වේලාව සහ කණ්ඩායම පහතින් දක්වා ඇත.

වේලාව : පෙ.ව 9.00

A කණ්ඩායම  –   EXC/8 – EXC/736
B කණ්ඩායම  –   EXC/752 – EXC/1219
C කණ්ඩායම  –   EXC/1227 – EXC/1650
D කණ්ඩායම  –   EXC/1653 – EXC/2113

වේලාව : පෙ.ව 10.00

A කණ්ඩායම  –    EXC/2127 – EXC/2549
B කණ්ඩායම  –    EXC/2551 – EXC/3059
C‍ කණ්ඩායම  –    EXC/3067 – EXC/3530
D කණ්ඩායම  –    EXC/3536 – EXC/3922

සැලකිය යුතුයි:

ඉහත දිනයේ දී ලියාපදිංචිය සඳහා සහභාගි නොවුනහොත් ලියාපදිංචිය අපේක්ෂා නොකරන අයෙකු ලෙස සළකනු ලැබේ.
ඔබට ලියාපදිංචි විය හැක්කේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එක් බාහිර උපාධි පාඨමාලාවක් සඳහා පමණි.
ඉහත පාඨමාලාවට අදාල වන නියමිත අවශ්‍යතා ඔබ විසින් සපුරා නොමැති බව හෙළි   වුවහොත් බාහිර උපාධි අපේක්ෂක ලියාපදිංචිය අවලංගු කරනු ලැබේ.

Download Your Voucher Here

Join Us on Social Media