Renewal of Registration of 2011 Bachelor of Science Business Administration (General) External Degree Programme

2011 විද්‍යාවේදි ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව ශිෂ්‍ය ලියාපදිංචිය දීර්ඝ කිරිම

2011 වර්ෂයේදී විද්‍යාවේදි ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධිය (නව විෂය නිර්දේශය) සඳහා බඳවා ගත් බාහිර උපාධි අපේක්ෂකයන්ගේ ලියාපදිංචියේ පළමු අදියර ( පළමු වසර 4) සහ ලියාපදිංචියට අදාළ සියළුම විභාග අවසන් වී ඇත .එහෙත්, මෙම කාලය තුල උපාධිය සම්පුර්ණ කර ගැනීම සඳහා තව දුරටත් අධ්‍යයන කටයුතු කරගෙන යාමට අපේක්ෂා කරන්නේනම්  නම් ලියාපදිංචිය දීර්ඝ කර ගත යුතුය.

ලියාපදිංචිය දීර්ඝ කිරිමට අදාළ අයදුම්පත සහ මුදල් ගෙවිය යුතු ගිණුම් අංකය පහත සබැඳියට පිවිස ඔබගේ ජාතික හැදුනුම්පත් අංකය යෙදීමෙන් බාගත (Download) කර ගත හැක. එසේ ලබා ගන්නා අයදුම්පත් නියමිත ගාස්තු ගෙවිමෙන් අනතුරුව, අදාළ රිසිට් පත සහ ශිෂ්‍ය වාර්ථා පොතද සමඟ,

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරි, 
බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය, 
තැපැල් පෙට්ටිය අංක 10,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,
ගංගොඩවිල,
නුගේගොඩ

යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුයි. අයදුම්පත් බහා එවනු ලබන කවරයේ ඉහළ වම් කෙළවරේ “ලියාපදිංචිය දීර්ඝ කිරිම- විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව” යනුවෙන් සඳහන් කළ යුතුය.

ලියාපදිංචිය දීර්ඝ කිරීමේ ගාස්තු

ලියාපදිංචිය දීර්ඝ කිරීමේ ගාස්තු එක් වසරක් සඳහා රු 7000.00

සැලකිය යුතුයි

මෙම ලියාපදිංචිය දීර්ඝ කිරිම වසරක් සඳහා වලංගු වන අතර එම කාලය තුළ නව නිර්දේශය යටතේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි I, II සහ III පුණර් පරීක්ෂණ සඳහා අයදුම් කිරිමට අවස්ථාව ලැබෙනු ඇත.

සියළුම අයදුම්පත් පහත සබැඳියෙන් ලබා ගත යුතු වේ. මේ දිනවල උපාධි I පරීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවා ඇති අතර උපාධි II පරීක්ෂණය සඳහා අයදුම් කිරිමට අපේක්ෂා කරන්නේ නම් ශිෂ්‍ය වාර්ථා පොතද සමඟ විශ්වවිද්‍යාලයට පැමිණිය යුතුවේ. එසේම උපාධි III පරීක්ෂණ අයදුම්පත් ඉදිරි කාලයේදී වෙබ් අඩවියෙන් ලබාගත හැකිවනු ඇත.

උපාධිය සම්පූර්ණ කිරිම සඳහා ලබා දෙන සම්පූර්ණ කාලය වසර 7 ක් වන අතර, එම කාල සීමාවෙන් පසුව නැවත ලියාපදිංචිය දීර්ඝ කරනු නොලැබේ. තවත් අවස්ථා දෙකකදී ලියාපදිංචිය දීර්ඝ කිරිමට අවස්ථාව ඇති අතර ඒ සම්බන්ධව ලිපියකින් ඔබව දැනුවත් කරනු ඇත.

ලියාපදිංචිය දීර්ඝ කිරිම සඳහා එක් අයදුම්කරුවෙක් වෙනුවෙන් සුවිශේෂි ගිණුම් අංකයක් බැගින් ඇති අතර තමාට අදාළ ගිණුම් අංකයට පමණක් ගෙවිම් කළ යුතුය. ( එහි ඡායා පිටපතක් ලග තබා ගන්න.)
වෙනත් ගිණුම් අංකවලට කරනු ලබන ගෙවීම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය වග කියනු නොලැබේ. 

 

ඔබේ අයදුම්පත බාගතකරගන්න

Join Us on Social Media