Seminar Applications of 2014 Part II Bachelor of Science Management (Public) General (External) Degree

2014 විද්‍යාවේදි කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි II (නව නිර්දේශය)

සම්මන්ත්‍රණ මාලාව – 2017

  1. සම්මන්ත්‍රණ සඳහා අයදුම් කිරිම

විද්‍යාවේදි කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි II (නව නිර්දේශය) පරීක්ෂණයට පෙනී සිටීමට නියමිත සිසුන් සඳහා දේශන මාලාවන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. අදාළ සම්මන්ත්‍රණ අයදුම්පත් පහත සබැඳියට පිවිස ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය යෙදීමෙන් බාගත (Download) කර ගත හැක. එසේ ලබා ගන්නා අයදුම්පත් නියමිත ගාස්තු ගෙවීමෙන් අනතුරුව, අයදුම්පත් භාර ගන්නා අවසන් දිනට ප්‍රථම,

සහකාර ලේඛකාධිකාරි, 
බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය, 
තැපැල් පෙට්ටිය අංක 10, 
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, 
ගංගොඩවිල, 
නුගේගොඩ

යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත් බහා එවන කවරයේ ඉහළ වම් කෙළවරේ සම්මන්ත්‍රණයේ නම සඳහන් කළ යුතුය.

  1. සම්මන්ත්‍රණ අයදුම්පත් භාර ගැනීමේ අවසන දිනය

විද්‍යාවේදි කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි II (නව නිර්දේශය) සම්මන්ත්‍රණය සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය  2017 ජූනි 12 වේ.

  1. සම්මන්ත්‍රණ ගාස්තු ගෙවීම 

සම්මන්ත්‍රණ ගාස්තු ගෙවීම් කිරිම සඳහා ගෙවීම් කළ යුතු ගිණුම් අංක පහත සබැඳියට පිවිස ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය යෙදීමෙන් ලබා ගත හැක. සම්මන්ත්‍රණය සඳහා එක් එක්   අයදුම්කරුවන් සඳහා වෙන් වෙන් ගිණුම් අංක ඇති බැවින් අදාළ ගිණුම් අංකයටම ගෙවීම් කළ යුතුය (එහි ජායා  පිටපතක් ළඟ තබා ගන්න) .

විද්‍යාවේදි කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි II (නව නිර්දේශය) සම්මන්ත්‍රණ ගාස්තුව

රු. 10,000.00 කි.

  1. නියමිත පරිදි මුදල් නොගෙවන ලද හෝ අසම්පූර්ණ අයදුම්පත් දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

සැලකිය යුතුයි.

  • ගෙවීම් කිරීමේදි ඔබට අදාළ ගිණුම් අංකයටම ගෙවීම් කළ යුතු අතර වෙනත් ගිණුම් අංකවලට ගෙවන ලද මුදල් පිළිබඳව විශ්වවිද්‍යාලය වග කියනු නොලැබේ.

Download Your Application Here

Join Us on Social Media